Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තාවකාලික අංක තහඩු අවලංගු කෙරේ

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුරු ගහන්න බැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෝටර් වාහනවල ඉදිරිපස වීදුරුවේ තනතුරු ගහන්න බැහැ - මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වාහන සඳහා නිකුත් කළ තාවකාලික අංක තහඩු දෙසැම්බර් මස 15වැනිදායින් පසුව අවලංගු කර තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව නිවේදනය කළේ, එදිනට පෙර ස්ථිර අංක තහඩු ලබාගන්නා ලෙසයි.

එමෙන්ම, දෙසැම්බර් 15 වැනිදායින් පසුව තාවකාලික අංක තහඩු භාවිත කරමින් ධාවනය වන වාහනවලට එරෙහිව පොලිසිය නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ වාහන අංක තහඩු නිකුත් කිරීමට අදාළව පැවැති ගැටලුකාරී තත්ත්වය අවම කර නැවත නිකුත් කිරීම මේවන විට ආරම්භ කර ඇතැයි ද එම දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Exit mobile version