Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා දෙන්න

රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා දෙන්න ගාලුමුවදොර පිටියේ ස්ථාපනය කර තිබූ ගෝඨා ගෝ ගමට පහර දුන් සිද්ධියේ නඩුවට අදාළව මෙම වරෙන්තු නිකුත් කිරීම සිදු කර ඇත. අදාළ නියෝගය නිකුත් කර තිබෙන්නේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසිනි. ගෝඨා ගෝ ගමට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව අද(27) කැඳවූ අතර, එම සිද්ධියට සැකකරුවන් වශයෙන් නම් කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මිලාන් ජයතිලක ඇතුළු ඇප මත සිටින සැකකරුවන් සියලු දෙනා අධිකරණය හමුවේ පෙනී සිටියේය. කෙසේ වෙතත් මෙම සිදුවීමේ සැකකරුවන් ලෙස නම්කර සිටින ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු තිදෙනෙක් අද දින අධිකරණය හමුවේ පෙනී සිට නැත. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් අධිකරණයට දැනුම්දී තිබුණේ, ඔවුන් විදේශ ගතව සිටින බවයි. ඒ අනුව, කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය ඩෑන් ප්‍රියසාද්, මහින්ද කහඳගම ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වරෙන්තු නිකුත් කළාය. අදාළ නඩු විභාගය ලබන මාර්තු 26 වැනිදා දක්වා කල්තැබීමට කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය නියෝග කළාය.

රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබා දෙන්න

E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ කෙටි කාලීන රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකිරීම සම්බන්ධයෙන් ඊයේ දිඅ (26) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අද දින (27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

දකුණු කොරියාවේ සෘතුමය රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 10ක් හා ලක්ෂ දෙක හමාර බැගින් මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිලි දෙකක් අනුව, මෙම විමර්ශනය ක්‍රියාත්මක කළේය.

ඒ අනුව මෙම ජාවාරමට සම්බන්ධ වූ කඩවත හා ගලගෙදර ප්‍රදේශවල පදිංචි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (26)දින බත්තරමුල්ල නගරයේදී අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව ඊට සහාය වුණු කාන්තාවක්ද ඊයේ (26)දින පොල්ගස්ඕවිට ප්‍රදේශයේදී අත්අඩංගුවට ගන්නා ලදී.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් සතුව තිබී, විදේශ ගමන් බලපත්‍රයක්, ව්‍යාජ රැකියා ගිවිසුම්, පොරොන්දු පත්‍ර ඇතුළු ලේඛන රැසක්ද නිළධාරීන් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව ඊයේ(26)රාත්‍රියේ තලංගම පොලිස් ස්ථානයේ රඳවා සිටි අතර,අද(27) කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයින් සිටීද යන්න පිළිබඳව විමර්ශන නිළධාරීන් විසින් ඉදිරි විමර්ශන මෙහෙයවනු ලබයි.

මේ අතර E-8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචා කල පුද්ගලයන් කිහිප දෙනකු පිළිබදව සභාපතිට කියන්න වැඩසටහනට පැමිණිලි ලැබී තිබුන අතර ඒ පිළිබදවද විමර්ශන කරගෙන යමින් සිටින බවත්, E-8 වීසා කාණ්ඩය යටතේ දකුණු කොරියාවේ රැකියා ලබාදීමට නීත්‍යානුකූල ගිවිසුමක් නොමැති බැවින් එම රැකියා නීත්‍යානුකූල රැකියා නොවන අතර, එම රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු ලබාදෙන මෙන් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ මහතා මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එම ජාවාරමට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරම නොබලා දඩුවම් කිරීමට අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට තමන් කිසිවිටෙකත් නොපැකිලෙන බව වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Exit mobile version