Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයට ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩො.මි 200ක්

විදුලිබල පනත් කෙටුම්පතේ සංශෝධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට වසර 2030 වන විට වාර්ෂිකව පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් සියයට 70 ක් විදුලිය ලබා ගැනීමේ රටේ ජාතික ඉලක්කයට පෙර මෙය ඉටු වීම කැපී පෙනෙන ජයග්‍රහණයක්. ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව සම්පුර්ණ කරගැනීම සඳහා ජල විදුලිය , ගල් අඟුරු විදුලිය , ඉන්ධන බලාගාර විදුලිය , සුළං විදුලිය , සූර්ය පැනල මගින් ලබාගන්නා විදුලිය හා ජෛව ස්කන්ධ මගින් ලබාගන්නා විදුලිය උපයෝගී කරගනු ලබනවා. විදුලිබල මණ්ඩලයේ දත්ත අනුව, පසුගිය මාස කිහිපය තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් මෙලෙස විදුලි උත්පාදනය සියයට 70 කට ආසන්න වූ අතර 1990 දශකයෙන් පසු ප්‍රථම වතාවටයි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ඉක්මවා ගියේ. දශක කිහිපයකට පෙර 100% ක්ම විදුලි උත්පාදනය ජල විදුලිය මත රඳා පැවතුනද මේ වනවිට ක්‍රියාත්මක වන්නේ මිශ්‍ර ජල තාප විදුලි උත්පාදනයක්. විදුලි බල මණ්ඩලය වසර 2030 වනවිට සියයට 70ක් විදුලිය පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීමේ ඉලක්කයට ළඟා වෙමින් සිටිනවා. මෙහි ප්‍රතිලාභ අවසානයේ ලැබෙන්නේ රටට බවයි මණ්ඩලය පෙන්වා දෙන්නේ. මෙම සාර්ථකත්වයට සාධක කිහිපයක් බලපා ඇති අතර හිතකර කාලගුණික තත්ත්වය, සූර්ය, සුළං සහ කුඩා ජල විදුලි ව්‍යාපෘති සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම මෙන්ම පසුගිය මාස කිහිපය තුළ රට තුළ පැවති වැඩිදියුණු කළ ජාල පද්ධතියද ඊට හේතුවක්. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සියයට 70 ක විදුලි උත්පාදනයක් ලබා ගැනීම ප්‍රායෝගික නොවන බව සමහර විශේෂඥයින් ප්‍රකාශ කර ඇති බවයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා පවසන්නේ. මෙවැනි අවස්ථාවක, ලංකා විදුලිබල මණ්ඩලය මෙම සන්ධිස්ථානය අත්කර ගෙන ඇති බව ද ඔහු පෙන්වා දෙනවා. විදුලිබල නිෂ්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බවත්, බොහෝ දිනවල පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ඉක්මවා ඇති බවත් ඔහු සඳහන් කරනවා. 2030 ට පෙර වාර්ෂිකව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සියයට 70 ක විදුලි උත්පාදනයක් ලබා ගැනීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙම ජයග්‍රහණයෙන් පෙන්නුම් කෙරෙන්නේ පොසිල ඉන්ධන මත යැපීම අඩු කරන අතරම තිරසාර බලශක්තිය සඳහා රටේ අඛණ්ඩ කැපවීම බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

විදුලිබල පනත් කෙටුම්පතේ සංශෝධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට

ආසියානු සංවර්ධන බැංකුව විසින් ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක ණය මුදලක් අනුමත කර තිබේ.

ඒ ශ්‍රී ලංකාවේ විදුලිබල අංශයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි ඉහළ නැංවීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි කිරීමට පහසුකම් සැලසීම සඳහා යොදා ගැනීමටය.

එමගින් විදුලිය සම්ප්‍රේෂණ සහ බෙදාහැරීමේ ජාලයන්හි විශ්වසනීයත්වය වැඩි දියුණු කිරීම සහ පුනර්ජනනීය බලශක්තිය වැඩි වශයෙන් ඒකාබද්ධ කිරීමට පහසුකම් සැලසීමට සැලසුම් කෙරේ.

නිවාස සඳහා විදුලිබලය සැපයීම 100% කර ගැනීමට ශ්‍රී ලංකාව 2016 වසරේදී සමත්විය.

එසේම මෙරට විදුලිබල ඉල්ලුම 2023 වසරේදී උපරිමය වාර්තාකළ අතර එය මෙගාවොට් 2800කි. ඒ සඳහා පුනර්ජනනීය බලශක්තියෙන්ද සැලකිය යුතු දායකත්වයක් ලැබුණි. එය 2030 වනවිට සැලකිය යුතු ලෙස වර්ධනය වෙතැයි අනුමාන කෙරේ.

2023දී මෙරට විදුලිබල උත්පාදනයට 50%ක පමණ දායකත්වයක් ලබාදී තිබුණේ තාප බලාගාර මගිනි.
නව ව්‍යාපෘති ඔස්සේ විදුලිබල උත්පාදනයට පුනර්ජනනීය මූලාශ්‍ර ඔස්සේ ලැබෙන දායකත්වය වර්ධනය කිරීමට සැලසුම් කෙරේ.

Exit mobile version