Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගත වූ මාස 10 තුළ අල්ලස් චෝදනා මත 73ක් අත්අඩංගුවට

මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට

මිලියන 55ක් වංචා කළ වෛද්‍යවරයෙක් CID අත්අඩංගුවට

ගත වූ මාස 10 තුළ අල්ලස් ලබා ගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් 73 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, අල්ලස් ලබා ගැනීම හා ලබාදීම සම්බන්ධයෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

අත්අඩංගුවට ගත් පිරිස අතර පොලිස් නිලධාරීන් 21 දෙනෙකු වෙයි.

ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු, පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු, උප පොලිස් පරීක්ෂකවරයෙකු, කොස්තාපල්වරු 8 දෙනෙකු හා සැරයන්වරු 9 දෙනෙකු ඊට අයත්ය.

අදාළ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇති සිවිල් පුද්ගලයින් සංඛ්‍යාව 24කි.

අල්ලස් ලබා ගැනීමේ සිදුවීම් වලට අදාළව ග්‍රාම නිලධාරීවරුන් 03 දෙනෙකුද අදාළ කාලය තුළ අත්අඩංගුවට ගෙන ඇතැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම ප්‍රකාශ කළේය.

විදුහල්පතිවරයෙකුද අත්අඩංගුවට ගත් පිරිස අතර වෙයි.

Exit mobile version