Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොර සහනාධාරයේ දෙවැනි අදියරට රු.මිලියන 1221ක්

පොහොර සහනාධාරයේ දෙවැනි අදියරට රු.මිලියන 1221ක්

පොහොර සහනාධාරයේ දෙවැනි අදියරට රු.මිලියන 1221ක්

මහ කන්නයේ පොහොර සහනාධාරයේ දෙවැනි අදියර සඳහා මහ භාණ්ඩාගාරයෙන් රුපියල් මිලියන 1221ක් ඉල්ලා ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.

එහි කොමසාරිස් ජෙනරාල් රෝහණ රාජපක්ෂ මහතා සඳහන් කළේ, පොහොර සහනාධාරයේ ගෙවීම් මේ වනවිට දිස්ත්‍රික්ක 23ක ආරම්භ කර ඇති බවය.

ඒ, ඒ දිස්ත්‍රික්කවල වගා කටයුතු ආරම්භ වන ආකාරය අනුව ගොවීන්ට පොහොර සහනාධාරය ලබාදෙන බවද ඔහු ප්‍රකාශ කළේය.

Exit mobile version