Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

න්‍යෂ්ටික අවි භාවිතයට රුසියානු ජනපතිගේ අත්සන

න්‍යෂ්ටික අවි භාවිතයට රුසියානු ජනපතිගේ අත්සන

න්‍යෂ්ටික අවි භාවිතයට රුසියානු ජනපතිගේ අත්සන

න්‍යෂ්ටික අවි භාවිතයට අදාළ නියෝගයකට රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් අත්සන් තබා තිබේ.

විදෙස් මාධ්‍ය පැවසුවේ, එමගින් බටහිර රාජ්‍යයන්ට සහ යු‍ක්‍රේනයට පැහැදිලි පණිවුඩයක් යොමු කර ඇති බවයි.

අමෙරිකාවේ නිෂ්පාදිත දිගුදුර මිසයිල යොදා ගනිමින් යුක්‍රේනය සිට රට තුළට ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව ව්ලැදිමිර් පුටින් මෙම නියෝගයට අත්සන් කර තිබේ.

රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවේ, රුසියාවේ බ්‍රයන්ස්ක් ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීමට යුක්‍රේනය එම දිගුදුර මිසයිල යොදාගෙන ඇති බවයි. එල්ල කළ මිසයිල 5ක් බිම හෙළු බව රුසියාව පැවසීය.

යුක්‍රේනය අද දින (20) පස්වරුවේ පැවසුවේ, රුසියාවේ බ්‍රයන්ස්ක්හි රුසියානු හමුදා අවි ගබඩාවකට ප්‍රහාර එල්ල කළ බවයි.
ජීවිත හානි සිදු වූ බවට මෙතෙක් වාර්තා වන්නේ නැත.

යුක්‍රේනයට ලබාදී ඇති අමෙරිකාවේ නිෂ්පාදිත දිගුදුර මිසයිලවලින් ප්‍රහාර එල්ල කිරීමට අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා අවසර ලබා දුන්නේය.

එම මිසයිලවලට කිලෝමීටර් 300 දක්වා පරාසයක ඉලක්කවලට පහර දිය හැකියි.

Exit mobile version