රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා තුන්වන වාරයේ අධ්‍යයන අදියර අවසන් කිරීම සහ ආරම්භ කිරීම සඳහා වන කාලසටහන අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව තෙවන අධ්‍යයන වාරයේ පළමු අදියර 2024 නොවැම්බර් 22වැනි දිනෙන් අවසන් වීමට නියමිතය.
පාසල් නිවාඩුව 2024 නොවැම්බර් 23වැනිදා සිට 2025 ජනවාරි 01වැනිදා දක්වා ක්‍රියාත්මකය.
මෙම කාලය තුළ අ.පො.ස උසස් පෙළ විභාගය පැවැත්වෙන බවද අමාත්‍යාංශය සඳහන් කළා.
ඒ අනුව තෙවන අධ්‍යයන වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02 සිට 17 දක්වා පවත්වනු ඇත.