Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගාසා තීරයේ සාම ප්‍රයත්නයේ මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් කටාර් රාජ්‍යය ඉවත් වේ

ගාසා තීරයේ සාම ප්‍රයත්නයේ මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් කටාර් රාජ්‍යය ඉවත් වේ

ගාසා තීරයේ සාම ප්‍රයත්නයේ මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමෙන් කටාර් රාජ්‍යය ඉවත් වේ

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර සටන් විරාම හා ප්‍රාණ ඇපකරුවන් මුදා ගැනීමේ සාකච්ඡා සඳහා අතරමැදියකු ලෙස කටයුතු කළ කටාර් රාජ්‍යය ඉන් ඉවත්වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කටාර් රාජ්‍යය මේ තීරණය ගෙන ඇත්තේ ගාසා යුද්ධය අවසන් කිරීම ප්‍රතික්ෂේප කරන හමාස් සංවිධානයේ සාමාජිකයන් කටාර් රාජ්‍යයේ තවදුරටත් රැඳී සිටීම පිළිනොගන්නා බවට අමෙරිකාව කළ ප්‍රකාශයෙන් පසුව බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ගාසා තීරයේ රඳවා තබා සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීම සඳහා සටන් විරාම යෝජනාවක් ප්‍රකාශයට පත් කිරීම පලස්තීනය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් අමෙරිකාව එම ප්‍රකාශය සිදු කර ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසුව බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

කෙසේ වුවද, ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය සටන් විරාමය හා ප්‍රාණ ඇපකරුවන් මුදා හැරීම සම්බන්ධව අවංක චේතනාවෙන් යුතුව සාකච්ඡා මේසයට පැමිණෙන්නේ නම් නැවත සාම මැදිහත්කරුවකු ලෙස කටයුතු කිරීමට සූදානම් බව කටාර් රාජ්‍යය ප්‍රකාශ කර ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

කටාර් රාජ්‍යය ගත් මේ තීරණය පිළිබඳ දැනුවත් වුවද, සිය සාමාජිකයන්ට කටාර් රාජ්‍යයෙන් ඉවත් වන ලෙස මෙතෙක් කිසිදු පාර්ශ්වයක් ඉල්ලීමක් කර නැති බව හමාස් සංවිධානයේ නිලධාරියකු ප්‍රකාශ කළ බවද විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

Exit mobile version