රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
තායිලන්තයේ සිට මෙරටට පැමිණි 58 හැවිරිදි මරදාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකු එලෙස අත්අඩංගුවට ගෙන ඇති බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
අදාළ පුද්ගලයාගේ අත්බෑගයේ ඉතා සූක්ෂම ලෙස අසුරා තිබූ කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 5කට ආසන්න තොගයක් මෙහිදී සොයාගෙන තිබේ.
සැකකරු වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය විමර්ශන කාර්යංශය වෙත භාරදුන් බව රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේය.