රාජ්‍ය පරිපාලන සේවාව ඇතුළු රජයේ විධායක සේවා කිහිපයක 1200කට අධික පුරප්පාඩු සංඛ්‍යාවක් පවතින බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පවසයි.
වැඩිම පුරප්පාඩු සංඛ්‍යාවක් පවතිනේ, රාජ්‍ය පරිපාලන සේවයේ හා ගණකාධිකරණ සේවාවලයි. එම සංඛ්‍යාව 600කට අධික බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. අදාළ සේවාවන්ට බඳවා ගැනීම සඳහා මේ වනවිට විභාග පවත්වා අවසන් කර ඇති අතර එහි ප්‍රතිඵල මත බඳවා ගැනීම් සිදු කෙරෙනු ඇති.
ඉංජිනේරු සේවයේ ඇති පුරප්පාඩු සංඛ්‍යාව 250කට අධිකයි. සැලසුම් සේවයේ හා විද්‍යාත්මක සේවාවල පුරප්පාඩු 100 බැගින් පවතින බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
මෙම සියලු පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනමින් සිදු කිරීමට සැලසුම් කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.