Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඌව සහ උතුරු පළාත්වල කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ඩො.මි 10.20ක මූල්‍ය ප්‍රදානයක්

ඌව සහ උතුරු පළාත්වල කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ඩො.මි 10.20ක මූල්‍ය ප්‍රදානයක්

ඌව සහ උතුරු පළාත්වල කුණු ප්‍රශ්නය විසඳන්න කොරියාවෙන් ඩො.මි 10.20ක මූල්‍ය ප්‍රදානයක්

කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ සහ චක්‍රීය ආර්ථිකයක් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

ඌව සහ උතුරු පළාත්වල පළාත් පාලන ආයතන මට්ටමින් ඒකාබද්ධ ඝන අපද්‍රව්‍ය කළමනාකරණ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සහ ඒ සම්බන්ධයෙන් වන කළමනාකරණ ගැටලු විසඳීම සඳහා 2024-2028 කාලසීමාව තුළ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම පිණිස ඇමෙරිකා ඩොලර් මිලියන 10.20ක මූල්‍ය ප්‍රදානයක් ලබා දීමට කොරියානු රජය එකඟතාව පළ කර තිබෙන බවයි සඳහන් වන්නේ.

ඒ අනුව කොරියානු ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික සහාය සහ කොරියා රජයේ මුල්‍ය ආධාර උපයෝගී කර ගනිමින් යෝජිත ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම පිණිස අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

Exit mobile version