Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අස්වැසුම ගැන සොයා බැලීමට දස පුද්ගල විශේෂඥ කමිටුවක්

අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් 761,000ක්

අස්වැසුම දෙවැනි අදියරට අයදුම්පත් 761,000ක්

අස්වැසුම සුභසාධන ප්‍රතිලාභ ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමේදී අසාධාරණයට ලක්වූ සමෘද්ධිලාභීන් පිළිබඳව පරීක්ෂණයක් සිදු කිරීම සඳහා දස පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු, ජාතික ඒකාබද්ධාතා, සමාජ ආරක්ෂණ සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් එම කමිටුව පත් කර තිබේ.

අදාළ නිවේදනයේ දැක්වෙන්නේ සමෘද්ධි ප්‍රතිලාභ හිමිවූ එහෙත් අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහනට ඇතුළත් නොවූ පුද්ගලයින් පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් සොයාබලා කරුණු ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත් කර ඇති බවයි.

ඒ අනුව ලබන මස 15 වන දිනට පෙර ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාව ලබාදෙන ලෙසයි අමාත්‍යංශ ලේකම් රංජිත් ආරියරත්න මහතා විසින් අදාළ කමිටුවට දැනුම්දී ඇත.

Exit mobile version