Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමට නොහැකි තත්වයක් – අධ්‍යාපන අමාත්‍යාංශය

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමට නොහැකි තත්වයක් - අධ්‍යාපන අමාත්‍යාංශය

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමට නොහැකි තත්වයක් - අධ්‍යාපන අමාත්‍යාංශය

ලබන වසරේ නියමිත දින ගණනට පාසල් පැවැත්වීමේ හැකියාව නැතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

ලබන වසරේ යෙදෙන රජයේ නිවාඩු දිනයන් හා පාසල් වර්ෂය ජනවාරි 27 වැනිදා ආරම්භවීම හේතුවෙන් එලෙස නියමිත දින ගණනට පාසල් පැවැත්වීමට නොහැකි වන බව එම අමාත්‍යාංශය පැවසුවේය.

පාසල් වාර සටහන සම්බන්ධයෙන් 1997 අගෝස්තු මාසයේ නිකුත් කර ඇති චක්‍රලේඛනයට අනුව වර්ෂයකට දින 210ක් පාසල් පැවැත්විය යුතු වේ.

කෙසේ වෙතත් ලබන වසරේදී රජයේ හා රජයේ අනුමත සියලුම පාසල් හා අනුමත පිරිවෙන් පැවැත්වීමට හැකිවන්නේ දින 181 ක් පමණක් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

ලබන වසරේ පළමු පාසල් වාරයේ පළමු අදියර ජනවාරි 27 වැනිදා සිට අප්‍රේල් 11 වැනිදා දක්වා පැවැත්වේ.

2024 අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේය.

රජය මගින් ප්‍රකාශිත ප්‍රසිද්ධ නිවාඩු දින, ඉරිදා හා වාර නිවාඩු කාලයන්හි සියලුම පාසල් වසා තැබෙන බවත් සුවිශේෂී හේතුවක් මත පාසල් පැවැත්විය යුතු දිනයක පාසල වැසීමට සිදුවුවහොත් එම දින සඳහා හිලව් සැසි පැවැත්වෙනු ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන ලදී.

Exit mobile version