Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කෝටි 7ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමග අයෙකු කටුනායකදී අත් අඩංගුවට

කෝටි 7ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමග අයෙකු කටුනායකදී අත් අඩංගුවට

කෝටි 7ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5ක් සමග අයෙකු කටුනායකදී අත් අඩංගුවට

රුපියල් හත් කෝටි තුන් ලක්ෂ හැට හතර දහසක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක්, සිය ගමන් මල්ලේ සහල් ඇසුරුමක් තුළ සගවා ගෙන, කටුනායක ගුවන් තොටුපොළෙන් පිට වී යාමට තැත් කළ ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට ගුවන් තොටුපොළ වෙත පැමිණි තවත් දෙදෙනෙකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මොහු ගොතටුව ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි කුකුළු ගොවිපළක් පවත්වා ගෙන යමින් සිටින ව්‍යාපාරිකයෙකි.

ඔහු විසින් රැගෙන ආ ගමන් මල්ලක් තුළ, සහල් ඇසුරුමක බහා කිලෝ ග්‍රෑම් 05යි ග්‍රෑම් 26ක් බරැති මෙම අයිස් මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ වෙත ගෙනැවිත් තිබුණි.

මොහු ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම සදහා වෑබොඩ ප්‍රදේශයේ 36 හැවිරිදි ටැක්සි රථ රියැදුරුවරයෙකු සහ ඔහුගේ සහායිකාව ලෙස 33 හැවිරිදි පානදුර, වාද්දුව ප්‍රදේශයේ පදිංචි තරුණියකද, කාර් රථයකින් ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත් අඩංගුවට ගත් තිදෙනා, ඔවුන් පැමිණි මෝටර් රථය සහ අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය හෙට දිනයේදි (28) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, මෙම සැකකරුවන් තිදෙනා රදවා තබා ගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබා ගැනීමටද නියමිතය.

Exit mobile version