Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගුවන්තොටුපොළෙහි මගීන් හා කාර්ය මණ්ඩලවල ආරක්ෂාව ගැන නිවේදනයක්

ගුවන්තොටුපල මගීන් හා කාර්ය මණ්ඩලවල ආරක්ෂාව ගැන නිවේදනයක්

ගුවන්තොටුපල මගීන් හා කාර්ය මණ්ඩලවල ආරක්ෂාව ගැන නිවේදනයක්

ඔක්තෝබර් මස 19වැනිදා සහ 24 වැනිදා ඉන්දියාවේ සිට පැමිණි විස්තාරා ගුවන්යානා දෙකක් සඳහා ලැබී තිබූ ව්‍යාජ බෝම්බ තර්ජන හේතුවෙන් කටුනායක ගුවන් තොටුපල, මගීන් සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව පිළිබඳ වැඩි කතාබහක් නිර්මාණය විය.

කෙසේ වෙතත් ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම නිවේදනය නිකුත් කරමින් දැනුම් දී තිබුණේ ශ්‍රී ලංකාවේ ගුවන්තොටුපොළවලට පැමිණෙන ගුවන් මගීන්ගේ සහ කාර්ය මණ්ඩලවල ආරක්ෂාව තහවුරු කර ඇති බවයි.

කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණෙමින් තිබු එම ගුවන්යානා වෙත ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී තිබීම හේතුවෙන් ආරක්ෂාකාරීව එම යානා වල සිටි මගීන් සහ කාර්ය මණ්ඩල ඉවත්කර එම යානා පරීක්ෂා කිරීමට ආරක්ෂක බලධාරීන් කටයුතු කරනු ලැබීය.

එමගින් යමෙකු අපහසුතාවයට පත්වූයේ නම් කනගාටුවට පත්වන බව ගුවන්තොටුපොළ සහ ගුවන්සේවා සමාගම පවසන අතර ඉන්දීය ගුවන්යානා විශාල ගණනකට පසුගිය දින කිහිපය තුළ ව්‍යාජ බෝම්බ තර්ජන ලැබී ඇත. ඒ හේතුවෙන් දැඩි ආරක්ෂක පියවර ගැනීමට බලධාරීන් කටයුතු කර තිබේ.

එමෙන්ම ඊයේ දිනයේ තුළදී පමණක් ඉන්දීය ගුවන් යානා සඳහා බෝම්බ ඇති බවට ව්‍යාජ දැනුම්දීම් 80ක් පමණ ලැබී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

මෙම තත්ත්වය හේතුවෙන් මෙම ව්‍යාජ තර්ජන සම්බන්ධයෙන් පණිවිඩ ලබාදෙන පුද්ගලයින්ගේ තොරතුරු ඉල්ලා මෙටා සහ X සමාගම්වලට දැනුම්දීමටද ඉන්දීය රජය තීරණය කර තිබේ.

Exit mobile version