Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදේශිකයන් 10 දෙනෙකුට ජිවිතාන්තය දක්වා සිර දඬුවම්

විදේශිකයන් 10 දෙනෙකුට ජිවිතාන්තය දක්වා සිර දඬුවම්

ඉරාන ජාතිකයින් 10 දෙනෙකුට අද (23) මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය ජිවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේය.

ඒ මහාධිකරණ විනිසුරු පමිල රත්නායක මහතා විසින්ය.

2016 අප්‍රේල් මාසයේදී ගාල්ල ආසන්න මුහුදේදී මත්ද්‍රව්‍ය තොගයක් සමග අත්අඩංගුවට පත් 17 දෙනා අතරින් 10 දෙනෙකු වරද පිළිගැනීම හේතුවෙන් මෙලෙස සිර දඬුවම් නියම වූ අතර සෙසු 7දෙනාට අදාළව ඉදිරි නඩු කටයුතු පවත්වා ගෙන යෑමට තීරණය කළේය.

ගාල්ල ආසන්න මුහුදේදී අනතුරට පත් බෝට්ටුවක් පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය යැයි සැකකෙරෙන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 146ක් සමග සැකකරුවන් නාවික හමුදා අත්අඩංගුවට පත්විය.

පසුව කළ පරීක්ෂණවලදී අනාවරණය වූයේ එහි හෙරොයින් කිලෝග්‍රෑම් 48ක් තිබූ බවයි.

Exit mobile version