Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණ යෙවාන්ට

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණය යෙවාන්ට

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණය යෙවාන්ට

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් (Yevan David)ඉතාලියේ පැවති යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියරේ ජය හිමිකර ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවකයෙක් ප්‍රධාන පෙ‍ළේ F3 මෝටර් රථ ධාවන තරගාවලියකට සහභාගි වූ පළමු අවස්ථාව මෙයයි.

යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගාවලියේ 8වන අදියර ලෙස ඉතාලියේ මොන්සා ධාවන පථයේ පසුගිය සෙනසුරාදා (19) පැවති මෙම තරගයට යොවාන් සහභාගී වී තිබෙනවා වී තිබුණා

17 හැවිරිදි වියේ පසු වන යෙවාන් සිය මංගල තරගයේදී පලපුරුදු ධාවකයින් සමග ධාවන පථයට පිවිසි යෙවාන් තරග ආරම්භයේ සිට දැක්වූ දක්ෂතා විස්තර විචාරකයින්ගේ ඇගයීමට පවා ලක්ව තිබෙනවා.

යෙවාන් එම තරගයේදී නියෝජනය කළේ ජර්මනියේ මොටෝපාර්ක් කණ්ඩායමයි.

මොන්සා ධාවන පථයේ වට 16ක් පැවති තරගය මිනිත්තු 30යි තත්පර 13කින් නිමකල යෙවාන් ඩේවිඩ් යුරෝ ෆෝමියුලා විවෘත මෝටර් රථ ධාවන තරගයේ 8වන අදියර ජයගත්තා

ශ්‍රී ලංකා මෝටර් රථ ධාවන ඉතිහාසයේ ක්‍රීඩකයෙක් ලැබූ ඉහළම ජයග්‍රහණ අතරට මෙම ජයග්‍රහණය එක් වනවා.

Exit mobile version