පොල්පිතිගම ඉරදෙනියය ප්රදේශයේදී විදුලිසැර වැඳීම හේතුවෙන් වනඅලින් තුන් දෙනෙකු මියගොස් තිබෙනවා.
පොල්පිතිගම කහල්ල පල්ලෙකැලේ රක්ෂිතයට අයිති බිම්කොටසක මෙසේ වනඅලින් මියගොස් සිටි බවයි වනජීවී නිලධාරීන් පවසන්නේ.
නිවසකින් ලබාගත් විදුලිය යොදාගනිමින් ඉදිකර ඇති විදුලි රැහැන් ගැටීමෙන් වනඅලින් මියගොස් ඇති බවයි වනජීවී නිලධාරීන් සඳහන් කළේ.
සතුන් දඩයම් කිරීමට මෙලෙස විදුලිය යොදාගැනීම හේතුවෙන් මෙවැනි අනතුරු වාර්තා වන බවයි වනජීවී නිලධාරීන් පෙන්වා දෙන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් දැනට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.