අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 10කට අධික ප්‍රමාණයක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ, රේගු නිලධාරීන් කළ වැටලීමකදිය. සැකකරු මැලේසියාවේ සිට මෙරටට පැමිණ තිබෙන අතර තේ කොල අඩංගු පැකට්වල සඟවා ඔහු අයිස් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙනවිත් ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලි අරුක්ගොඩ මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වල වටිනාකම රුපියල් මිලියන 250කි.