Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඊශ්‍රායල ප්‍රහාරවලින් සති කිහිපයක් තුළ ලෙබනනයේ 1700ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් සති කිහිපයක් තුළ ලෙබනනයේ 1700ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරවලින් සති කිහිපයක් තුළ ලෙබනනයේ 1700ක් මරුට

ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පසුගිය සති කිහිපය තුළදී පමණක් ලෙබනනයේ එක්දහස් හත්සියයකට ආසන්න සංඛ්‍යාවක් ඝාතනයට පත්ව ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කර ගනිමින් සැප්තැම්බර් මස අග භාගයේ සිට දකුණුදිග ලෙබනනයේ ඉලක්ක වෙත ඊශ්‍රායලය ප්‍රහාර එල්ල කරනවා.

එම ප්‍රහාරයන්ගෙන් 1,645 දෙනෙකු මේ වනවිට ඝාතනයට පත්ව ඇති බවයි ලෙබනන සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරන්නේ.

එමෙන්ම දෙපාර්ශ්වය අතර පසුගිය වසර තුළදී පමණක් ඇතිවූ ගැටුම්වලදී පමණක් ලෙබනනයේ පුද්ගලයින් 2,255 දෙනෙකු ඝාතනයට පත්ව ඇති බවද සඳහන්.

මේ අතර ගාසා තීරයේ උතුරු ප්‍ර දේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායල ආරක්ෂක අංශ අඛණ්ඩව 9වන දිනටත් ප්‍රහාර එල්ල කරනවා.

එම කාලය තුළදී සාමාන්‍ය වැසියන් 200 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

ගාසා තීරයට ප්‍රහාර එල්ල කිරීම ඊශ්‍රායලය ආරම්භ කර මේ වනවිට වසරක් ගතව ඇති අතර ඝාතනයට පත්ව ඇති ගාසා වැසියන් 42,175ක්.

එමෙන්ම 98,336 දෙනෙකු තුවාල ලබා ඇති බව හමාස් සෞඛ්‍ය අමාත්‍යංශය නිවේදනය කරනවා.

Exit mobile version