Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

හිස්බුල්ලා සංවිධානයෙන් උතුරු ඊශ්‍රායල ජනතාවට අනතුරු ඇඟවීම්

හිස්බුල්ලා සංවිධානයෙන් උතුරු ඊශ්‍රායල ජනතාවට අනතුරු ඇඟවීම්

හිස්බුල්ලා සංවිධානයෙන් උතුරු ඊශ්‍රායල ජනතාවට අනතුරු ඇඟවීම්

උතුරු ඊශ්‍රායලයේ හමුදා සිටින ස්ථානවලින් ඉවත්වන්නැයි හිස්බුල්ලා සංවිධානය, එරට ජනතාවට අනතුරු අඟවා තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල හමුදා, උතුරු ඊශ්‍රායලයේ ජනතා නිවාස හමුදා කඳවුරු ලෙස භාවිත කරන බවයි.

කාලයක් පුරා ඊශ්‍රායල – ලෙබනන දේශසීමා ගැටුම් පැවතියද පසුගිය 23 වැනිදා සිට ඊශ්‍රායලය හිස්බුල්ලා සංවිධානයේ කඳවුරු වෙත ප්‍රහාර එල්ල කිරීම තීව්‍ර කළේය.

ගැටුම් හේතුවෙන් ලෙබනනයේ ඝාතනයට පත්වු ගණන 1,200කට අධික වූ අතර මිලියනයක පමණ පිරිසක් අවතැන් වී සිටි.

ඊශ්‍රායලය හිස්බුල්ලා සටන්කාමීන් බහුලව භාවිත කරන පේජර් ඇතුළු සන්නිවේදන උපකරණ දුරස්ථව පුපුරුවා හරිමින් සූක්ෂම ප්‍රහාරයෙන් එල්ල කිරීම, මෙම ගැටුම්වලට ප්‍රධාන හේතුවකි.

Exit mobile version