Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තායිවානය කවර දිනෙක වත් වෙනම රටක් නොවේ – චීනය

තායිවානය කවර දිනෙක වත් රටක් නොවේ - චීනය

තායිවානය කවර දිනෙක වත් රටක් නොවේ - චීනය

තායිවානය කවර දිනෙක වත් රටක් නොවන බව චීනය අවධාරණය කරයි.

චීන මහ ‍ගොඩබිම සහ තායිවානය එකිනෙකට අයිති නැති බවත්, තායිවානයට තම ස්වෛරීභාවය තිබෙන බවත්, පසුගියදා තායිවාන පාලකයා වන Lai Ching-te ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා දින (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වුවාය.

ලෝකයේ ඇත්තේ එකම චීනයක් බවත්, තායිවානය චීන දේශභූමියෙන් වෙන් කළ නොහැකි ‍කොටසක් බවත්, ඇය එහිදී අවධාරණය කළාය. චීන මහජන සමූහාණ්ඩුව සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජයයි. තායිවාන පාලකයා කුමක් පැවසුවද කුමක් සිදු කළද චීන මහ ගොඩබිම හා තායිවනය චීනයට අයත් වන සත්‍යය ‍විකෘති කළ නොහැකිය. තායිවාන බෙදුම්වාදයට කිසිදු අනාගතයක් නැතැයි මෞ නිං මහත්මිය පෙන්වා දෙයි. එකම චීනය යනු ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලධර්මයකි. එය ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමක්ද වෙයි. තායිවානය රටක් නොවෙයි. තායිවානය කවර දිනෙක වත් රටක් නොවන බවද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළාය.

Exit mobile version