Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග සඳහා ගොවීන්ට

කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග සඳහා ගොවීන්ට

කන්තලේ සීනි සමාගමට අයත් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග සඳහා ගොවීන්ට

කන්තලේ සීනි සමාගමට අයත් ඉඩම් කොටස්වලින් අක්කර 11,000ක් කෙටිකාලීන බෝග වගාවන් සඳහා ගොවි ජනතාවට ලබා දෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා නිලධාරීන්ට අද එනම් බ්‍රහස්පතින්දා දින (10) උපදෙස් ලබාදී තිබෙනවා.

ඒ අනුව අක්කර පහකට නොවැඩි ඉඩම් මෙලෙස ලබා දීමට නියමිත අතර, ඒ සඳහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසටද ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ නිලධාරින් හමු වූ අවස්ථාවේදීයි.

විෂයභාර අමාත්‍යවරයා ලෙස මෙහිදී අදාළ අමාත්‍යාංශවල ක්‍රියාකාරිත්වය සහ ප්‍රගතිය විමසූ ජනාධිපතිවරයා ඉදිරි සැලසුම් පිළිබඳවද සාකච්ඡා කළා.

කෘෂිකර්ම, ඉඩම්, පශු සම්පත්, වාරිමාර්ග, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයේ ලේකම් එම්.පී.එන්.එම්. වික්‍රමසිංහ, ඉඩම් කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් හේමසිරි ලියනගේ යන මහත්වරු ඇතුළු අදාළ අමාත්‍යාංශවල ජ්‍යෙෂ්ඨ නිලධාරීන් මීට එක්ව සිටියා.

Exit mobile version