Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය

අල්ලස් කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂක ජනරාල් ලෙස එම්. ආර් වයි. කේ. උඩවෙල මහත්මිය පත් කර තිබෙනවා

එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් මහාධිකරණ විනිසුරු ඩබ්ලිව්.කේ.ඩි.විජේරත්න මහතා ඉකුත් 7වෙනි දින ස්වකීය ධූරයෙන් ඉල්ලා අස් වුණා

වර්ෂ 1993දී නීතිඥ වෘත්තියේ දිවුරුම් දෙමින් නීති වෘත්තියට අත්පොත් තැබූ එම්.ආර්.වයි.කේ.උඩවෙල මහත්මිය 1996 වසරේ ජනවාරි 16වන දින සහකාර අධ්‍යක්ෂ (නීති) ‌ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට එක් වී තිබෙනවා.

දැනට කොමිෂන් සභාවේ වසර 28කට අධික සේවා කාලයකට හිමිකම් කියනා ඇය කොමිෂන් සභා 07ක් සහ අධ්‍යක්ෂ ජනරාල්වරු 08 දෙනෙකු යටතේ තම සේවය ලබාදී තිබෙනවා.

ඇය නව අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත්වීමට පෙර අතිරේක අධ්‍යක්ෂ ජනරාල් ලෙස කටයුතු කර තිබෙනවා.

Exit mobile version