Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

උද්ධමනය තවත් පහළට

උද්ධමනය තවත් පහළට

උද්ධමනය තවත් පහළට

2024 අගෝස්තු මාසය සඳහා 0.5%ක් ලෙස වාර්තා වී තිබූ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය සැප්තැම්බර් මාසයේ සඳහා -0.5%ක් දක්වා අඩු වී තිබේ.

2024 සැප්තැම්බර් මාසයේදී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)-0.3% දක්වා අඩු වී ඇති අතර 2024 අගෝස්තු මාසයේ දී එය වාර්තා වුයේ 0.8%ක් ලෙස සටහන් වී තිබිණි.

එමෙන්ම, 2024 සැප්තැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්‍ෂ්‍යමය)-0.5%ක් දක්වා අඩු වී ඇති අතර එය 2024 අගෝස්තු මාසයේදී 0.4%ක් ලෙස වාර්තා විය.

නිවේදනයක් නිකුත් කරමින් ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව මේ බව දැනුම්දී තිබේ.

Exit mobile version