Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තා ගත සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තා ගත සුපිරි ජයක්

ශ්‍රී ලංකා කණ්ඩායමට වාර්තා ගත සුපිරි ජයක්

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

නවසීලන්ත කණ්ඩායමට එරෙහිව පැවති දෙවැනි ටෙස්ට් තරගය ඉනිමකින් සහ ලකුණු 154කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද එනම් ඉරිදා දිනයේ (29) සමත් වුණා.

සිව්වැනි දිනය සඳහා ඉරිදා දිනයේ (29) තරගය ආරම්භ කරනවිට ලකුණු 514ක ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 199ක් ලබාගෙන සිටියා.

පළමු ඉනිමට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 602ක් ලබා ගත් අතර නවසීලන්ත කණ්ඩායමට පළමු ඉනිම සඳහා ලබා ගත හැකි වූයේ ලකුණු 88ක් පමණයි.

සිය දෙවෙනි ඉනිම ආරම්භ කරමින් නැවතත් පන්දුවට පහර දුන් නවසීලන්ත කණ්ඩායමට සියල්ලන් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 360පමණි.

ශ්‍රී ලංකාවේ පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ කමිදු මෙන්ඩිස් නොදැවී ලකුණු 182ක් සහ දිනේෂ් චන්දිමාල් ලකුණු 116ද කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 106ක් ලබා ගත්තා.

තරගයේ වීරයා ලෙස කමිඳු මෙන්ඩිස් සම්මාන ලබාගත් අතර තරගාවලියේ වීරයා වූයේ ප්‍රභාත් ජයසූරියයි.

Exit mobile version