Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය

වැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාව පත් කර තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික කුමානායක මහතා විසින් සිකුරාදා දින (27) ජනාධිපති කාර්යාලයේ දී ඒ මහතා වෙත පිළිගැන්විය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා වෙත පැවරි ඇති බලතල ප්‍රකාරව මෙම පත් කිරීම සිදු කර ඇත.

අනතුරුව ඔහු පොලිස් මූලස්ථානයට ගොස් සිය තනතුරේ වැඩ භාරගෙන තිබේ.

වසර 158ක පොලිස් ඉතිහාසය තුළ පොලිස් කොස්තාපල්වරයකු ලෙස සේවයට එක්වී පොලිස්පතිවරයා ලෙස පත්වීම් ලද එකම නිලධාරියා වන්නේ ප්‍රියන්ත වීරසූරිය මහතායි.

කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියෙක් වන ඔහු ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසු සහකාර පොලිස් අධිකාරිවරයෙක් ලෙස උසස්වීම් ලැබීය. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව සම්පත් කළමනාකරණය සම්බන්ධ පශ්චාත් උපාධිය (2017-2020)ද හිමිකර ගෙන තිබේ. 55 හැවිරිදි වියේ පසුවෙයි.

පොලිස් දෙපාර්තමේන්තුව තුළ වසර තිස් හයක නිකැලැල් සේවයක් සපුරා ඇති වීරසූරිය මහතාගේ සේවය ඇගයීම සඳහා පොලිස්පතිවරුන් දස දෙනෙකුම ප්‍රශංසා ලිපි නිකුත් කොට තිබීම සුවිශේෂී කරුණකි.

පොලිස් අපරාධ හා රථවාහන දිශාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස හා පොලිස් සැපයුම් අධ්‍යක්ෂවරයා ලෙසද සේවය කොට ඇති වීරසූරිය මහතා නැගෙනහිර ටිමෝරය සහ හයිටි රාජ්‍යයේද එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු සඳහාද එක්ව තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරෙන විට වීරසූරිය මහතා උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස රාජකාරියේ නිරත විය.

Exit mobile version