Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක්

භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම යටතේ නඩුවක් ගොනු කිරීමට අපේක්ෂා කරන බව පරිසර යුක්ති කේන්ද්‍රය ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

මාදම්පේ ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී වැලි ජාවාරමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නිකුත් කළ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව ගොනු කරන බව ඔවුන් අධිකරණයට දැනුම් දී ඇත.

මාදම්පේ ප්‍රදේශයේ අක්කර දෙසීයක පමණ භූමි භාගයක සිදුවන නීති විරෝධි සිලිකා ජාවාරම තුළින් ඇතිවන පාරිසරික විනාශයන් වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පිරිසක් විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබුණි.

එම පෙත්සම ඉකුත් ජූලි මස 15 වැනිදා කැඳවූ අවස්ථාවේදී අදාළ කැණීම් සිදුවන ප්‍රදේශයේ දැනට පවතින තත්ත්වය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබුණි.

කෙසේ වෙතත් භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා එම නියෝගය උල්ලංඝනය කරමින් වැලි කැණීමේ බලපත්‍ර හතරක් අලුතින් නිකුත් කර ඇති අතර ඒ තුළින් ඔහු අධිකරණ නියෝගය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇති බව පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කර තිබේ.

අදාළ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අධිකරණයට අපහාසයක් සිදුකර ඇත්නම් ඊළඟ නඩු දිනයට පෙර ඊට අදාළ ලේඛන ගොනු කිරීමට පියවර ගන්නා ලෙස එහිදි ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශ්වයේ නීතිඥවරයාට නියෝග කර තිබේ.

Exit mobile version