Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ගොවීන්ට බන්ඩි පොහොර නොමිලේ ලබා දිමට අවබෝධතා ගිවිසුමක්

ගොවීන්ට බන්ඩි පොහොර නිකම් දෙන්න අවබෝධතා ගිවිසුමක්

ගොවීන්ට බන්ඩි පොහොර නිකම් දෙන්න අවබෝධතා ගිවිසුමක්

ඉදිරි මහ කන්න 02ක් සඳහා MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් නොමිලයේ ලබා දීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීම සිකුරාදා (20) දින සිදුවී තිබෙනවා.

මෙරට වී වගාවට සහ බඩඉරිඟු වගාවට අත්‍යවශ්‍ය පොහොර වර්ගයක් වන බණ්ඩි පොහොර හෙවත් MOP පොහොර පසුගිය කන්න කිහිපයක් ගොවීන් විසින් වී වගාවට යොදා නොමැති බවයි සඳහන් වන්නේ.

සාමාන්‍යයෙන් වෙළඳපොළේ MOP පොහොර මිටියක මිල රුපියල් 8000-9000 අතර මිලකට අලෙවි කරනු ලබනවා.

මෙම මිල දරාගත නොහැකි නිසා බොහෝ ගොවීන් MOP පොහොර නොයෙදීම නිසා එමඟින් වී අස්වනුවලට බලපෑම් එල්ලවී තිබෙන බවයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

මෙම කාරණය සැළකිල්ලට ගනිමින් ඉදිරියට එන මහ කන්න 02ක් වී ගොවීන්ට සහ බඩඉරිඟු වගා කරන ගොවීන්ට MOP පොහොර නොමිලයේ ලබා දීම සඳහා රජය ලෝක ආහාර වැඩසටහන සමඟ සාකච්ඡා කර තිබෙනවා.

එහි ප්‍රතිඵලයක් වශයෙන් MOP පොහොර මෙට්‍රික් ටොන් 55,000ක් මෙරටට නොමිලයේ ලබා දීමට ලෝක ආහාර වැඩසටහන තීරණය කර තිබෙන බවයි සඳහන් වන්නේ.

Exit mobile version