Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෙබනනයේ පේජර් ප්‍රහාරයෙන් 12ක් මරුට; 2,800කට තුවාල

ලෙබනනයේ පේජර් ප්‍රහාරයෙන් 12ක් මරුට; 2,800කට තුවාල

ලෙබනනයේ පේජර් ප්‍රහාරයෙන් 12ක් මරුට; 2,800කට තුවාල

හිස්බුල්ලා සටන්කාමීන් සිය සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කළ පේජර් නමැති සන්නිවේදන උපකරණ පුපුරා යාමෙන් ලෙබනනයේ කුඩා දරුවන් 2ක් ඇතුළු 12 දෙනෙකු මියගොස් තිබේ.

හිස්බුල්ලා සංවිධානය විසින් එම සන්නිවේදන උපකරණ ලෙබනනය තුළ බහුලව භාවිතා කරනු ලබයි.

පේජර් නමැති සන්නිවේදන උපකරණ මගින් සතුරු පාර්ශ්වයේ තොරතුරු පහසුවෙන් දැන ගැනීමේ හැකියාව පවති. හිස්බුල්ලා සංවිධානය භාවිත කරන මෙම රැහැන් රහිත විදුලි සංදේශ උපාංග අඟහරුවාදා දිනයේ (17) ලෙබනනයේදී පිපිරිමකට ලක්ව තිබේ.

බීරූට් සහ තවත් ප්‍රදේශ කිහිපයක එකවර සිදුවූ පිපිරීම්වලින් තුවාල ලැබූ තවත් 2,800 දෙනෙකු රෝහල් ගත කෙරුණි. ඒ අතර, ලෙබනනයේ ඉරාන තානාපතිවරයාද වේ.

ඊශ්‍රායලය විසින් මෙම සන්නිවේදන උපාංග පරිපථයේ දෝෂයක් ඇති කොට එය පුපුරවහැරීමකට ලක්කර ඇති බව වාර්තා වේ.

ඊට නිසි ප්‍රතිචාර දක්වන බව හිස්බුල්ලා සංවිධානය පවසයි.‍ මෙම සිදුවීම සහ එල්ල වන චෝදනා පිළිබඳව ඊශ්‍රායලය මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

Exit mobile version