Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන තීරණයක් අද

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන තීරණයක්

මතභේදයට තුඩු දුන් ශිෂ්‍යත්ව ප්‍රශ්නපත්‍රය ගැන තීරණයක්

5 වසර ශිෂ්‍යත්ව විභාගයේ මතභේදයට තුඩු දුන් පළමු ප්‍රශ්න පත්‍රයේ, ප්‍රශ්න තුනක් විධිමත් පරීක්ෂණයකින් අනතුරුව ඉවත් කිරීමට විභාග කොමසාරිස්වරයා තීරණය කර තිබේ.

අප කළ විමසීමකදී ඒ මහතා පවසා සිටියේ, ශිෂ්‍යත්ව විභාගයේ පළමු පත්‍රයේ අදාළ ප්‍රශ්න තුනට සමාන ප්‍රශ්න තුනක් ආදර්ශ ප්‍රශ්න පත්‍රයක් හරහා අලව්ව ප්‍රදේශයේ, ගුරුවරයෙකු විසින් සමාජ මාධ්‍යයට එක්කර ඇති බවට ලද තොරතුරු මත විමර්ශනයක් සිදුකළ බවය.

ඒ අනුව අද දිනයේ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රය සකස් කළ කමිටුව කැඳවා, සාකච්ඡා කර ඇති අතර, එහිදී අදාළ ප්‍රශ්න තුන ඉවත් කිරීමට තීරණය කර තිබේ.

අද එනම් බදාදා (18) දිනයේ දී විමර්ශන නිලධාරීන් කණ්ඩායමක් අදාළ ප්‍රදේශයට ගොස් මේ සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීමට නියමිත අතර, ඔවුන්ගේ වාර්තාවෙන් අනතුරුව අවසන් තීරණයක් ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ප්‍රකාශ කළේය.

Exit mobile version