Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජනාධිපතිවරණ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිසියේ 60,000ක්

මැදපෙරදිග යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව

මැදපෙරදිග යුදමය තත්ත්වය මත ශ්‍රී ලංකාවේ ස්ථාන 85කට ආරක්ෂාව

21 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණයේ විශේෂ රාජකාරි හා ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 60,000ක් යෙදවීමට නියමිතව තිබෙනවා.

මීට පෙර මේ සඳහා පොලිස් නිලධාරීන් 54,000ක් යෙදවීමට තීරණය කර තිබුණද මේ වන විට එම පිරිස 6,000කින් ඉහළ ගොස් තිබෙන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කර සිටින්නේ.

මේ අතර මැතිවරණ රාජකාරි සඳහා පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබළුඳ යෙදවීමට නියමිත බවයි එම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටින්නේ.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීම අරමුණ කරගෙන මෙසේ පොලිස් නිලධාරීන් ප්‍රමාණය වැඩි කළ බවයි සඳහන් වන්නේ.

Exit mobile version