Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට දුනිත් සහ හර්ෂිතා

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට දුනිත් සහ හර්ෂිතා

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට දුනිත් සහ හර්ෂිතා

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට ශ්‍රී ලංකාවේ දුනිත් වෙල්ලාලගේ සහ හර්ෂිතා සමරවික්‍රම පත්වී තිබෙනවා.

ජගත් ක්‍රිකට් කවුන්සිලය සඳුදා දිනයේ (16) ඒ බව නිවේදනය කළා.

පසුගිය ඉන්දීය තරගාවලියේදී දුනිත් දැක්වූ දක්ෂතාවය හේතුවෙන් මෙම සම්මානය සඳහා ඔහු නිර්දේශ විය. ඔහු සමඟ අදාළ සම්මානය සඳහා නිර්දේශ වූ සෙසු ක්‍රීඩකයන් වන්නේ දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක කේෂව් මහරාජ් සහ බටහිර ඉන්දීය කොදෙව් වේගපන්දු යවන ක්‍රීඩක ජේඩන් සීල්ස්.

මේ අතර අයර්ලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතා හේතුවෙන් හර්ෂිතා සමරවික්‍රම එම මාසයේ ක්‍රීඩිකාවට බවට පත් වුණා.
එමෙන්ම අදාළ සම්මානය සඳහා නිර්දේශ වූ සෙසු ක්‍රීඩිකාවන් දෙදෙනා වන්නේ අයර්ලන්ත ජාතික ක්‍රීඩිකාවන් ඔර්ලා ප්‍රෙන්ටගස් සහ ගැබී ලෙවිස් වන වීම විශේෂත්වයක්.

Exit mobile version