Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විද්‍යාපීඨ සිසුන් ONLINE ක්‍රමයට බඳවා ගැනීමෙන් රජයට රු.කෝටියක ඉතුරුවක්

විද්‍යාපීඨ සිසුන් ONLINE ක්‍රමයට බඳවාගැනීමෙන් රජයට රු.කෝටියක ඉතුරුවක්

විද්‍යාපීඨ සිසුන් ONLINE ක්‍රමයට බඳවාගැනීමෙන් රජයට රු.කෝටියක ඉතුරුවක්

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම මෙවර මාර්ගගත ක්‍රමයට සිදු කිරීම නිසා රජයට රුපියල් මිලියන දහයක පමණ මුදලක් ඉතුරු වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

විද්‍යාපීඨ ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා මින් පෙර රුපියල් මිලියන 13.5ක් වැය වූ අතර මෙවර ඒ සඳහා වැය වූයේ මිලියන 3.5ක මුදලක් බවත් ඒ අනුව රුපියල් මිලියන 10ක මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වූ බවත් හෙතෙම පැවසීය. ශික්ෂණලාභීන් බඳවාගැනීම සඳහා පෙර වසර එකහමාරත් දෙකත් අතර කාලයක් ගත වූ අතර මෙවර මාස 04ක් වැනි ඉතා කෙටිකලක් තුළ එම බඳවාගැනීම් කාර්යක්ෂම ව සිදු කළ හැකි වූ බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අධ්‍යාපන අධ්‍යාපන අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවක් අතරතුරදීය.

‘ඉන්ෆොමැටික් තාක්ෂණික ආයතනය (Informatics Institute of Technology)’ අමාත්‍ය මණ්ඩල හා නීතිපති අනුමැතිය සහිතව මේ කාර්ය සඳහා පූර්ණ තාක්ෂණික දායකත්වය සපයා ඇත.

මෙහිදී අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන්ද අදහස් දක්වමින් ‍අමාත්‍යවරයා කියා සිටියේ විද්‍යාපීඨ 19ම ඒකාබද්ධ කර අධ්‍යාපන විශ්වවිද්‍යාලය පිහිටු‍වීමේ අවසන් කෙටුම්පත නීතිපතිවරයා වෙත යොමු කර ඇති බවත් ලබන සතිය වන විට එම කටයුතුද නිරවුල් වී එය ලද පසු කැබිනට් මණ්ඩලය වෙත යොමු කිරීමට කටයුතු කරන බවත්ය.

Exit mobile version