ගාසා තීරයේ යුද ගැටුම් හේතුවෙන් පාසල් සිසුන් හය ලක්ෂ තිස් දහසක් නැවත පාසල් නොපැමිණෙන තත්ත්වයට පත්ව ඇති බව වාර්තා වනවා.
පලස්තීන ගාසා තිරයට එරෙහි ඊශ්‍රායල යුද්ධය එරට පාසල් අධ්‍යාපනයට දැඩි ලෙස බලපා තිබෙනවා.
මධ්‍යම හා දකුණු ගාසා තීරයේ ජංගම දුරකථන හා අන්තර්ජාල සබඳතා ඇණහිටීම් සිදුව ඇති අතර සිසුන් සම්බන්ධ කර ගැනීමට පාසල් රැසකට හැකියාව ලැබී නැති අතරම යුද ගැටුම් හේතුවෙන් බොහෝ පාසල් සිසුන්ට සිය ජිවිතද අහිමි වී තිබෙනවා.
මේ අතර බටහිර ඉවුර හා ජෝර්දානය යා කෙරෙන ඇලෙන්බි පාලම සඳුදා (09) උදෑසන නැවත විවෘත කෙරුණා.
පුද්ගලයන් තුන්දෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීමත් සමග එය වසා දැමුණා. සිද්ධියට සම්බන්ධ තුවක්කුකරු ජෝර්දාන පුරවැසියෙකු බවටයි හඳුනාගෙන ඇත්තේ.
ඊශ්‍රායල යුද්ධයෙන් පුද්ගලයින් 40,972 ක් ඝාතනයට පත් වී 94,761ක් තුවාල ලබා සිටි.

