Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක ශූරතා මල්ලවපොර ශූරතාවලියේ නෙත්මි අහිංසාට ලෝකඩ පදක්කමක්

ලෝක ශූරතා මල්ලවපොර ශූරතාවලියේ නෙත්මි අහිංසාට ලෝකඩ පදක්කමක්

ලෝක ශූරතා මල්ලවපොර ශූරතාවලියේ නෙත්මි අහිංසාට ලෝකඩ පදක්කමක්

ස්පාඤ්ඤයේ Pontevedra නුවර පැවැත්වෙන වයස 20න් පහළ ලෝක ශූරතා මල්ලවපොර ශූරතාවලියේ සිකුරාදා දින (06) පැවැති කාන්තා කි.ග්‍රෑ. 53 බර පන්තියේ ලෝකඩ පදකක්ම දිනාගැනීමට නෙත්මි අහිංසා ප්‍රනාන්දු සමත් වූවාය.

මෙය ශ්‍රී ලංකා මල්ලවපොර ඉතිහාසයේ ශ්‍රී ලාංකේය ක්‍රීඩිකාවක් දිනූ උසස්ම පදක්කමක් ලෙස සැලකෙයි.

එමෙන්ම ඇය මෙහිදී විනාඩි 08කට වැඩි කාලයක් තරගයේ නිතර වී ඇති අතර, එය එතෙක් මෙතෙක් මෙරට මල්ලවපොර ක්‍රීඩිකාවක් වැඩි වේලාවක් තරගයේ රැඳී සිටි අවස්ථාව ලෙසින්ද සැලකෙයි.

නෙත්මි සිය ලෝඩක පදකක්ම වෙනුවෙන් වූ තීරණාත්මක තරගයේදී රුසියානු ක්‍රීඩිකාව තරග වට 3-1(6-2) ලෙස පහසුවෙන් පරාජය කළාය.

2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඇතුළු ජාත්‍යන්තර තරග ඉසව් රැසකදීම නෙත්මි මීට පෙර ශ්‍රී ලංකාව වෙනුවෙන් පදක්කම් දිනා ඇත.

නෙත්මිගේ ප්‍රධාන පුහුණුකරු ලෙස සුරංග කුමාර මහතා කටයුතු කරයි.

මෙම තරගාවලියට නෙත්මිට අමතරව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් නිපුනි වාසනා සහභාගී වූ අතර, ඇය කි.ග්‍රෑ. 50 බර පන්තියෙන් තරග වැදුණාය. කෙසේ නමුත් ප්‍රතිවාදී ක්‍රීඩිකාවන් සමග කරට කර සටනක් දුන්නද ඇයට පදක්කමක් දිනාගැනීමට නොහැකි වූවාය.

Exit mobile version