Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අගෝස්තු මාසයේ ක්‍රීඩකයා/ක්‍රීඩිකාවට දුනිත් සහ හර්ෂිතාගේ නම් නිර්දේශ වේ

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට දුනිත් සහ හර්ෂිතා

අගෝස්තු මාසයේ ක්‍රිකට් ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව බවට දුනිත් සහ හර්ෂිතා

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) විසින් ප්‍රකාශයට පත්කරනු ලබන ‘මාසයේ ක්‍රීඩකයා’ සම්මානය සඳහා ශ්‍රී ලංකා යොවුන් තුන්ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේගේ නමද නිර්දේශ කර ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් වරට ක්‍රීඩාකළ ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලියේදී දුනිත්ගේ දක්ෂතා තුන් ඉරියව්වෙන්ම කැපී පෙනුණි.

මේ අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරනු ලබන ‘මාසයේ ක්‍රීඩිකාව’ සම්මානය සඳහා නිර්දේශිත ක්‍රීඩිකාවන් තිදෙනා අතරට ශ්‍රී ලංකා පිතිකාරිනී හර්ෂිතා සමරවික්‍රමගේ නමද නිර්දේශ වී තිබේ.

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අවසන්වරට සිදුකළ අයර්ලන්ත තරග සංචාරයේ එක්දින මෙන්ම විස්සයි20 තරගාවලියේදී ද හර්ෂිතා දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙන් ඇයව මේ සඳහා නිර්දේශ කර ඇත.

Exit mobile version