Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සටන් විරාමය අතරතුර ගත වු පැය 24 හි පලස්තීනුවන් 61ක් ඝාතනයට

සටන් විරාමය අතරතුර පැය 24 තුළ ඊශ්‍රායලය පලස්තීනුවන් 61ක් ඝාතනය කරයි

සටන් විරාමය අතරතුර පැය 24 තුළ ඊශ්‍රායලය පලස්තීනුවන් 61ක් ඝාතනය කරයි

පලස්තීනයේ බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශය ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය යුද මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

බටහිර ඉවුරේ ජෙනින් ප්‍රදේශයේ පිහිටා ඇති අවතැන් කඳවුරුවලට විදුලි බලය හෝ පානීය ජලය නොමැති බවයි වාර්තා වේ.

එමෙන්ම බටහිර ඉවුරේ ප්‍රදේශ රැසකට විදුලි බලය, අන්තර්ජාල පහසුකම් ආහාර හෝ ජලය නොමැති බවද ජගත් සංවිධානය නිවේදනය කරනවා.

පොලියෝ එන්නත් ලබාදීම සඳහා ගාසා තීරයේ සටන් විරාමයක් ක්‍රියාත්මක කෙරෙන අතරතුර බටහිර ඉවුර ඉලක්ක කර ගනිමින් යුද මෙහෙයුම් සිදුකිරීම දැඩිව හෙළා දකින බවයි ජගත් සංවිධානය සඳහන් කරන්නේ.

පසුගිය පැය 24 තුළ දී පමණක් ඊශ්‍රායල ප්‍රහාරයන්ගෙන් පලස්තීන වැසියන් 61ක් දෙනෙකු ඝාතනය කර තිබේ.

Exit mobile version