Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ලෝක ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්

ලෝක ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්

ලෝක ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකාවට පදක්කම්

04වන ලෝක ආරක්ෂක සේවා ශිෂ්‍ය භට ක්‍රීඩා තරගාවලියට ශ්‍රී ලංකාවේ ආරක්ෂක සේවා නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලංකා යුධ හමුදාවේ ගයනි වාසනා චතුරංගි රන් පදක්කමක් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාවින්දි ජයවීර ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් අඟහරුවාදා (27) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා කවුන්සිලය විසින් 2024 වර්ෂය සදහා වෙනිසියුලාවේ කරකස් නුවර ඉකුත් 08/16 දින සිට 08/24 දින දක්වා රුසියාව, චීනය, වෙනිසියුලාව යන රටවල් ගනනාවක ශිෂ්‍ය භට නිලධාරීන් 500කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වා තිබුණි.

මෙහිදී ශ්‍රී ලංකා යුධ හමුදා ශිෂ්‍ය භට කෝප්‍රල් නිලධාරිනී ගයනි වාසනා චතුරංගි දුර පැනීමේ ඉසව්වට සහභාගී වී මීටර් 05.24 ක දුර ප්‍රමාණයක් පනිමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වී සිටියාය.

මීට අමතරව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් සහභාගී වූ ශිෂ්‍ය භට නිලධාරිනී සාවින්දි ජයවීර මීටර් 50 නිදහස් ආර සහ මීටර් 100 පසුපස ආර යන පිහිනුම් ඉසව් වලට සහභාගී වී ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගැනීමට සමත් වී සිටියාය.

මොවුන් දෙදෙනා පිළිගැනීම සදහා ශ්‍රී ලංකා යුධ හමුදා සහ ශ්‍රී ලංකා ගුවන් හමුදා උසස් නිලධාරීන් පිරිසක් සහ මෙම ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන්ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.

Exit mobile version