Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පොහොර සහනාධාරය වැඩි කිරීමට අනුමැතිය

පොහොර සහනාධාරය වැඩි කිරීමට අනුමැතිය

පොහොර සහනාධාරය වැඩි කිරීමට අනුමැතිය

2024 මහ කන්නයේ සිට වී වගාවට අවශ්‍ය පොහොර මිලදී ගැනීමට ලබාදෙන සහනාධාර මුදල රුපියල් 25,000ක් දක්වා ඉහළ නැංවීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

අඟහරුවාදා දිනයේ(27) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

මෙම පොහොර සහනාධාර මුදල මෙම යල කන්නයේ දී රුපියල් 10,000ක් වශයෙන් ලබා දුන් අතර ලබන මහ කන්නයේ සිට එම මුදල රුපියල් 15,000 දක්වා වැඩි කිරීමට මින් පෙර තීරණය කළ බව සඳහන්.

නමුත් මෙම මුදල රුපියල් 30,000 දක්වා වැඩි කිරීමට ඉල්ලා සිටිමින් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.

එහිදී දැනට පවතින මුල්‍යමය තත්ත්වයන් සළකා බලමින් පොහොර මිලදී ගැනීම සඳහා ලබාදෙන සහනාධාර මුදල රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය එකඟත්වය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

මීට අමතරව ලබන මහ කන්නයේ දී MOP වී වගාව සඳහා අවශ්‍ය සම්පූර්ණ ප්‍රමාණයම නොමිලයේ ලබා දීමටද පියවර ගෙන ඇති නිසා වී වගාවට අවශ්‍ය සම්පුර්ණ පොහොර ප්‍රමාණයම ගොවීන්ට නොමිලයේ හිමි වනු ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

Exit mobile version