Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත් කෙරේ

ශ්‍රී ලංකා නාවික හමුදාවට නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා නාවික හමුදාවට නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානියෙක්

ශ්‍රී ලංකා නාවික හමුදාවේ නව නාවික හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා පත්කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අගෝස්තු මස 16 වන දින සිට මෙම පත්කිරීම සිදුකර ඇති බව සඳහන්.

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා විසින් ඊට අදාළ පත්වීම් ලිපිය රියර් අද්මිරාල් කාංචන බානගොඩ මහතා වෙත නිල වශයෙන් නාවික හමුදා මූලස්ථානයේදී ප්‍රදානය කර තිබෙනවා.

Exit mobile version