Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

තානාපතිවරුන් 3න් දෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් අක්තපත්‍ර භාර දෙයි

තානාපතිවරුන් 3ක් සහ මහකොමසාරිස්වරුන් 2ක් අක්තපත්‍ර භාර දෙයි

තානාපතිවරුන් 3ක් සහ මහකොමසාරිස්වරුන් 2ක් අක්තපත්‍ර භාර දෙයි

ශ්‍රී ලංකාව සඳහා අලුතින් පත්ව පැමිණි තානාපතිවරුන් තිදෙනෙක් සහ මහකොමසාරිස්වරුන් දෙදෙනෙක් බදාදා දිනයේ (21) කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සිය අක්තපත්‍ර භාර දී තිබෙනවා.

අක්තපත්‍ර භාරදුන් රාජ්‍ය තාන්ත්‍රිකයන්ගේ නාම ලේඛනය පහතින්.

1. ඩයනා මෙකැවෙසියන් මහත්මිය (Diana Mickeviciene) – තානාපති – ලිතුවේනියා ජනරජය
2. ට්‍රින් තී ටැම් මහත්මිය (Trinh Thi Tam) – තානාපති – වියට්නාම් සමාජවාදී ජනරජය
3. මාලර් තන් ටයික් මහත්මිය (Marlar Than Htaik) – තානාපති – මියන්මාරය
4. පර්සි පැස්ටන් චන්දා මහතා (Percy Patson Chanda) – මහකොමසාරිස් – සිම්බාබ්වේ
5. අන්දාලිබ් එලායස් මහතා (Andalib Elias) – මහකොමසාරිස් – බංග්ලාදේශය

අක්ත පත්‍ර භාරගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් සමඟ සුහද කතා බහකද නිරත වුණා

විදේශ කටයුතු සහ අධිකරණ බන්ධනාගර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ජනාධිපති ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක් සිටියා

Exit mobile version