වගා හානියකදී දැනට අක්කරයක් සඳහා රජය විසින්ගෙවන රුපියල් 40,000ක වන්දි මුදල රුපියල් ලක්ෂය (100,000) දක්වා වැඩි කිරීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
ඒ සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය පළ වී ඇති බව ඇමැතිවරයා ප්‍රකාශ කරයි. ඒ අනුව වගා හානි සිදුවන හෙක්ටයාර් එකකට රුපියල් 250,000ක වන්දි මුදලක් හිමි වනු ඇත.
පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානයේ සාමාජිකයින් පිරිසක් අඟහරුවාදා (20) කෘෂිකර්ම අමාත්‍යාංශයේදී අමාත්‍යවරයා හමු වී ගොවි ගැටලු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වූ අතර එහිදී එම ගොවි සංවිධානය විසින් අමාත්‍යවරයා වෙත මෙම යෝජනාව ඇතුළු යෝජනා මාලාවක්ද ඉදිරිපත් කරන ලදි.
එම ගොවි සංවිධානයේ ඉල්ලීම ඵල දරමින් ඇමැතිවරයා විසින් මෙම අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.
වගා හානි වන්දි ලබා දීමේදී දැනට අක්කරයක් සඳහා රජය විසින් ගෙවනු ලබන්නේ රුපියල් 40,000ක මුදලකි.එම මුදල රුපියල් 100,000ක් දක්වා වැඩි කරන්නැයි පොලොන්නරුව පරාක්‍රම සමුද්‍ර ව්‍යාපාර ගොවි සංවිධානය කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලීමක් කළ අතර ඔවුන් පෙන්වා දුන්නේ මේ වනවිට සෑම වසරකම නියඟය, ගංවතුර සහ වනසතුන්ගෙන් සිදුවන වගා හානි ඉහළ යමින් පවතින නිසා වගා හානියකදී දැනට අක්කරයක් සඳහා රජය විසින් කිසිදු දායකත්ව මුදලක් ලබා නොගනිමින් ගෙවනු ලබන රුපියල් 40,000ක වන්දි මුදල ප්‍රමාණවත් නොවන බවයි.