Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කිරීමට පියවර

ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කිරීමට පියවර

ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කිරීමට පියවර

තීරු බදු නොගෙවා නීතිවිරෝධීව මෙරටට ගෙන ආ ජංගම දුරකථන සහ ලැප්ටොප් පරිගණක තොගයක් රාජසන්තක කිරීමට නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා විසින් පියවර ගෙන තිබෙනවා.

සෙනසුරාදා දින(10) අලුයම 12.30ට පමණ ඩුබායි සිට මෙරටට පැමිණි ගුවන් මගීන් තිදෙනෙකු විසිනුයි මෙම ජංගම දුරකථන සහ ලැප්ටොප් මෙරටට රැගෙනවිත් තිබෙන්නේ.

මෙලෙස රැගෙනවිත් ඇත්තේ ‘අයි ෆෝන්’ 36ක් සහ ලැප්ටොප් පරිගණක 06ක්.

ඔවුන් සිය ගමන් මලු තුළ සඟවා මෙම ජංගම දුරකථන සහ පරිගණක පිටතට ගෙන යමින් සිටියදී කටුනායක ගුවන්තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් ඔවුන්ව සිය භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගෙන තිබුණේ කොළඹ, දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනකු බව සඳහන්.

අත්අඩංගුවට පත් තිදෙනා වැඩිදුර විමර්ශන සඳහා කටුනායක ගුවන්තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමටයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පියවර ගෙන තිබෙන්නේ.

තවද සැකකරුවන් තිදෙනාට රුපියල් ලක්ෂ 16ක දඩ මුදලක් ගෙවීමටත් නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරයා නියෝග කර තිබෙනවා.

Exit mobile version