Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් දැනුම් දීමක්

නිල තලවලින් ඉවත් වූ නිලධාරීන් තවදුරටත් භාවිත කරන, රාජ්‍ය දේපොළ යළි භාරගැනීමට කටයුතු කරන්නැයි අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව දැනුම් දීමක් සිදුකර තිබේ.

ඒ, අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, පළාත් පාලන ආයතන ප්‍රධානීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ දිස්ත්‍රික් ලේකම්වරුන් වෙත ලිපියක් යොමු කරමිනි.

එම තීරණය ගෙන ඇත්තේ, නිලධාරීන් රාජකාරී කළ සමයේ ලබාදුන් රාජ්‍ය දේපොළ නිලතලවලින් ඉවත් වූ පසුවද නීතිවිරෝධීව භාවිත කරන බවට වන පැමිණිලි ඉහළ යාමත් සමගයි.

එවැනි දේපල පිළිබඳව සොයා බලා ඒවා කඩිනමින් ආපසු භාර ගැනීමට අවශ්‍ය කටයුතු කරන්නැයි, අල්ලස් කොමිසම රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී ඇත.

කොමිසම අවධාරණය කරන්නේ, රාජ්‍ය දේපොළ එලෙස අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.

Exit mobile version