Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔක්තෝම්බර් මස සිට නව ගුවන් බලපත්‍රයක් – මහජන ආරක්ෂක අමාත්‍යවරයා

පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

පාස්පෝට් ලක්ෂ 50ක් ඇණවුම් කරයි

ඔක්තෝබර් මාසය දක්වා දිනකට ගුවන්ගමන් බලපත්‍ර දහසක් පමණක් නිකුත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

පසුගිය සිකුරාදා දිනයේ (09) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ, ඔක්තෝබර් මාසයේ සිට ඊ ගුවන්ගමන් බලපත්‍රය නිකුත් කරන බවය.

“අවුරුදු 23ක් එකම සපයන්නෙකුගෙන් නැවත නැවත ඇණවුම් කළා. මේ වතාවෙත් නැවත ඇණවුමක් ආවා. මම කිව්වා එහෙම බෑ ටෙන්ඩර් කැඳවන්න කියලා. ඒ අනුව සමාගමකට ටෙන්ඩරය ලැබුණා. මාස දෙකක් පමණ ප්‍රමාද වුණා ලංකාවේ තියෙන නීතිය අනුව, ඒ වැඩ කරන්න. ඒ ප්‍රමාදය තමයි ප්‍රශ්නයක් වුණේ. ඒ නිසා තමයි පාස්පෝට් නිකුත් කරන එක සීමා කරන්න වුණේ. අත්‍යවශ්‍ය අයට විතරක් ඔක්තෝබර් වෙනකල් දෙන්න, අපි දිනකට 900ක් නිකුත් කරනවා. නමුත් 1,000ක් වෙනකල් හදිසියේ එන ඒවට ඉඩ තියලා තියෙනවා. මෙතෙක් නිකුත් කළ ගුවන්ගමන් බලපත්‍රවලින් 23%යි භාවිත කරලා තියෙන්නේ. අනෙක් පාස්පෝට් ගත්තට පාවිච්චි කරලා නැහැ.

මම ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා අත්‍යවශ්‍ය නම් විතරක් මේ මාස දෙකේ පාස්පෝට් එක ගන්න. එහෙම නැත්නම් ඔක්තෝබර් වෙනකල් ඉන්න අලුත්ම පාස්පෝට් එකක් ඔක්තෝබර් මාසයේ ලැබෙනවා. අපි ටෙන්ඩරය කැඳවූවේ E – PASSPORT එකට. පරණ පොතට ඩොලර් 5.89ක් ගෙව්වා. අලුත් ගුවන්ගමන් බලපත්‍රය අපිට වෙන්නේ ඩොලර් 5.5යි”.

ප්‍රශ්නය – ඇමතිතුමා පොලිස්පතිතුමත් නැති නිසා යුක්තිය මෙහෙයුම නතරවෙලා කියලා ගොඩක් අයගේ මතයක් තියෙනවා. පසුගිය කාලයෙත් අපි දැක්කා තැන තැන වෙඩි තැබීම් සිදුවෙනවා. යුක්තිය මෙහෙයුම තාම තියෙනවද?

“යුක්තිය මෙහෙයුම අඩපණවෙලා තියෙනවා. අපි පිළිගන්න ඕනේ ඒක අඩපණ වෙලා තියෙනවා. පොලිස්පතිතුමා තමා ඒක ඍජුවම සම්බන්ධවෙලා සූම් මීටින් දාලා කරේ. අනිවාර්යෙන්ම ඒක අඩපණ වෙලා තියෙනවා”.

Exit mobile version