Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇ. ඩො මිලියන 100ක ණයක්

විදුලිබල පනත් කෙටුම්පතේ සංශෝධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට වසර 2030 වන විට වාර්ෂිකව පුනර්ජනනීය බලශක්ති උත්පාදනයෙන් සියයට 70 ක් විදුලිය ලබා ගැනීමේ රටේ ජාතික ඉලක්කයට පෙර මෙය ඉටු වීම කැපී පෙනෙන ජයග්‍රහණයක්. ලංකා විදුලිබල මණ්ඩලය මේ වනවිට දෛනික විදුලි අවශ්‍යතාව සම්පුර්ණ කරගැනීම සඳහා ජල විදුලිය , ගල් අඟුරු විදුලිය , ඉන්ධන බලාගාර විදුලිය , සුළං විදුලිය , සූර්ය පැනල මගින් ලබාගන්නා විදුලිය හා ජෛව ස්කන්ධ මගින් ලබාගන්නා විදුලිය උපයෝගී කරගනු ලබනවා. විදුලිබල මණ්ඩලයේ දත්ත අනුව, පසුගිය මාස කිහිපය තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් මෙලෙස විදුලි උත්පාදනය සියයට 70 කට ආසන්න වූ අතර 1990 දශකයෙන් පසු ප්‍රථම වතාවටයි පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ඉක්මවා ගියේ. දශක කිහිපයකට පෙර 100% ක්ම විදුලි උත්පාදනය ජල විදුලිය මත රඳා පැවතුනද මේ වනවිට ක්‍රියාත්මක වන්නේ මිශ්‍ර ජල තාප විදුලි උත්පාදනයක්. විදුලි බල මණ්ඩලය වසර 2030 වනවිට සියයට 70ක් විදුලිය පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් නිෂ්පාදනය කිරීමේ ඉලක්කයට ළඟා වෙමින් සිටිනවා. මෙහි ප්‍රතිලාභ අවසානයේ ලැබෙන්නේ රටට බවයි මණ්ඩලය පෙන්වා දෙන්නේ. මෙම සාර්ථකත්වයට සාධක කිහිපයක් බලපා ඇති අතර හිතකර කාලගුණික තත්ත්වය, සූර්ය, සුළං සහ කුඩා ජල විදුලි ව්‍යාපෘති සඳහා අඛණ්ඩව ආයෝජනය කිරීම මෙන්ම පසුගිය මාස කිහිපය තුළ රට තුළ පැවති වැඩිදියුණු කළ ජාල පද්ධතියද ඊට හේතුවක්. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සියයට 70 ක විදුලි උත්පාදනයක් ලබා ගැනීම ප්‍රායෝගික නොවන බව සමහර විශේෂඥයින් ප්‍රකාශ කර ඇති බවයි ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ සභාපති මහාචාර්ය විජේන්ද්‍ර බණ්ඩාර මහතා පවසන්නේ. මෙවැනි අවස්ථාවක, ලංකා විදුලිබල මණ්ඩලය මෙම සන්ධිස්ථානය අත්කර ගෙන ඇති බව ද ඔහු පෙන්වා දෙනවා. විදුලිබල නිෂ්පාදනය සඳහා පුනර්ජනනීය බලශක්තියේ දායකත්වය නිරන්තරයෙන් නිරීක්ෂණය කරන බවත්, බොහෝ දිනවල පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලි උත්පාදනය සියයට 70 ඉක්මවා ඇති බවත් ඔහු සඳහන් කරනවා. 2030 ට පෙර වාර්ෂිකව පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සියයට 70 ක විදුලි උත්පාදනයක් ලබා ගැනීමේ ජාතික ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වනු ඇතැයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙනවා. මෙම ජයග්‍රහණයෙන් පෙන්නුම් කෙරෙන්නේ පොසිල ඉන්ධන මත යැපීම අඩු කරන අතරම තිරසාර බලශක්තිය සඳහා රටේ අඛණ්ඩ කැපවීම බවයි ඔහු වැඩිදුරටත් පවසන්නේ.

විදුලිබල පනත් කෙටුම්පතේ සංශෝධන ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තුවට

ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ මූල්‍ය තිරසාරභාවය ඉහළ නැංවීම අරමුණු කරගත් ප්‍රතිසංස්කරණ සඳහා සහාය වීම සහ පහසුකම් සැලසීම සඳහා ආසියානු සංවර්ධන බැංකුව විසින් ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ඒ අනුව අමෙරිකානු ඩොලර් මිලියන 100ක ප්‍රතිපත්ති පදනම් කරගත් ණය මුදලක් මෙලෙස අනුමත කර ඇති බව සඳහන්.

පුද්ගලික ආයෝජන සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීම, පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය ඉහළ නැංවීම සහ විදුලිබල ජාල නවීකරණය කිරීම සඳහා මෙම වැඩසටහන උපකාරී වනු ඇති.

එමෙන්ම මෙම වැඩසටහන මගින් විදුලිබල පනත යටතේ හඳුන්වා දී ඇති ආයතනික හා නියාමන ප්‍රතිසංස්කරණ ඇතුළුව විදුලිබල ක්ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ සහ විදුලිබල ක්ෂේත්‍රයේ මෙහෙයුම් තිරසාරභාවය වැඩිදියුණු කිරීමටද සහාය වනු ඇති බව ආසියානු සංවර්ධන බැංකුව පවසනවා.

පුනර්ජනනීය බලශක්තිය සඳහා වන ආයෝජන වේගවත් කිරීමට උපකාර කිරීම සඳහා, 2023-2030 සඳහා පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්ති සැලසුම් යටතේ බහු මුලපිරීම් සඳහා මෙම වැඩසටහන සහාය වනු ඇති බවද සඳහන්.

Exit mobile version