Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

5 වැනි ආසියානු විස්සයි විස්ස කාන්තා ක්‍රිකට් කුසලානය සිංහ ධේනුවන්ට

5වැනි ආසියානු විස්සයි20 කාන්තා ක්‍රිකට් කුසලානය සිංහ ධේනුවන් තමන් සතු කර ගනී

5වැනි ආසියානු විස්සයි20 කාන්තා ක්‍රිකට් කුසලානය සිංහ ධේනුවන් තමන් සතු කර ගනී

පස්වැනි ආසියානු කුසලාන විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල ඉරිදා දිනයේ (28) සමත් විය.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු විස්සයි විස්ස ක්‍රිකට් ශූරතාව දිනූ පළමු අවස්ථාව මෙය වේ. මීට පෙර පැවැති ආසියානු කුසලාන විස්සයි විස්ස කාන්තා තරගාවලි හතරේදී ශ්‍රී ලංකාව 2022 වසරේ පමණක් අනු ශූරියන් බවට පත්විය.

රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉරිදා (28) පැවැති අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ කඩුලු 8කින් ප්‍රබල ඉන්දීය පිල පරාජය කිරීමට සමත් වූහ.

හර්ෂිතා සමරවික්‍රම ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වෙමින් පන්දු 51 කින් හතරේ පහර 6ක්සහ හයේ පහර 2ක් සමගින් නොදැවී ලකුණු 69 ක් රැස්කරමින් ජයග්‍රහණය කරා පැමිණ ඇත.

හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට නොබිදුණු ලකුණු 73ක සම්බන්ධතාවක් පැවැත්වූහ.

කවීෂා දිල්හාරි පන්දු 16කින් හතරේ පහරක් සහ හයෙ පහරක් සමගින් නොදැවී ලකුණු 30ක් රැස්කිරීමට සමත් වූවාය.

චමරි අතපත්තු පන්දු 43කින් හතරේ පහර 9ක් සහ හයේ පහර 2ක් සමගින් ලකුණු 61ක් රැස්කරමින් ජයග්‍රහණයට අනගි අඩිතාලමක් දැමීමට සමත්වූවාය.

ඉන්දීය කාන්තා ක්‍රිකට් පිල ඕවර 20 කදී කඩුලු 6ට 165
(ශෆාලි වර්මා 16, ස්මිත්‍රි මන්දානා 60, ජෙමීමා රොද්‍රිගස් 29, රිචා ගෝෂ් 30, කවීෂා දිල්හාරි 36/2)

ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් පිල ඕවර 18.4 කදී කඩුලු 2ට 167
(චමරි අතපත්තු 61, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, කවීෂා දිල්හාරි නොදැවී 30)

Exit mobile version