Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

සංචාරක සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට ගිවිසුම් ගත වේ

සංචාරක සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට ගිවිසුම් ගත වේ

සංචාරක සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට ගිවිසුම් ගත වේ

සංචාරක සෞඛ්‍ය සේවා ඉහළ නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය ගිවිසුම් ගත වී තිබෙනවා.

ඒ අනුව සංචාරක අමාත්‍යාංශය, ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක්ව මෙරට සංචාරක ක්ෂේත්‍රය ශක්තිමත් කරමින් විදෙස් සංචාරකයින්ගේ සෞඛ්‍යමය ආරක්ෂාව සැලසීම අරමුණු කරගනිමින් මෙම ගිවිසුම අත්සන් කර ඇති බව සඳහන්.

මෙහිදී සෞඛ්‍ය පහසුකම් අවම ප්‍රදේශවල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට අදාළව අවබෝධතා ගිවිසුමක් අත්සන් කළ බවයි වාර්තා වන්නේ.

මෙම ගිවිසුම් ගතවීමේ අවස්ථාව සඳහා සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සහ සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු යන මහත්වරු එක්ව තිබෙනවා.

Exit mobile version