Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගිවී පදක්කම් 15ක් දිනාගත් පාසල් සිසුන් දිවයිනට

ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගිවී පදක්කම් 15ක් දිනාගත් පාසල් සිසුන් දිවයිනට

ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගිවී පදක්කම් 15ක් දිනාගත් පාසල් සිසුන් දිවයිනට

ඔලිම්පියාඩ් තරගාවලියට සහභාගිවී පදක්කම් 15ක් දිනාගත් පාසල් සිසුන් දිවයිනට පැමිණියා.

ලොව වේගයෙන් නිවැරදි තීරණ ගන්නා ළමයින් සොයා ගැනීම අරමුණු කර ගනිමින් ඇබකස් ජාත්‍යන්තර ඔලිම්පියාඩ් තරගාවලිය සංවිධාන කරනු ලබන අතර මෙය පසුගිය 21වනදා ඉන්දියාවේ මුම්බායි නුවරදී පැවැත්වුණා.

ජපානය, තායිවානය, කොරියාව, ඉරානය ඇතුළු රටවල් 18 සිසුන් 1,200ක් පමණ ඊට සහභාගි වුණා.

මෙම තරගාවලියේදී කැලණිය, උඩුපිල ප්‍රාථමික විද්‍යාලයේ 5වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පවනි අසංකා සිසුවිය රන් පදක්කමක් දිනා ගැනීමට සමත්වුණා.

ඊට අමතරව රිදී පදක්කම් තුනක් සහ ලෝකඩ පදක්කම් 11ක් දිනා ගැනීමට ශ්‍රී ලාංකික සිසුන් සමත්වුණා. ඔවුන් සඳුදා දින(22) උදෑසන දිවයිනට පැමිණි අතර පිළිගැනීම සදහා දෙමව්පියන් ඇතුළු පිරිසක් පැමිණ සිටියා.

Exit mobile version